Thursday, November 3, 2011

වෙබ් අඩවියක් හදන්න පෙර දැන ගතයුතු තවත් වැදගත් දෙවල් ටිකක්.

“අපෝ මේක හරි වටයක්නේ “ කියලා හිතුනද දැක්ක ගමන් නැහැ නැහැ මේක එච්චර වටයක් නෙවේ පුංචි වටයක් කියලා හිතා ගන්නකෝ. පොඩ්ඩක් හිතලා බලන්න Web Design ගැන තාක්ෂණික දැනුම තිබුනට හරියට පිළිවළකට හොද නිමාවක් සහිතව Web එකක් Design කරන්නේ කීයෙන් කී දෙනාද කියලා . ඉත්න් කවුරු වුනත් Web එකක් Design  කරද්දී පිළිවලකට කරන්න ඔනි. ඉතින් අද කියලා දෙන්න හදන්නේ කොහොමද මේ පිළිවලකට Web එකක් Design කරන්නේ කියලයි...

මම කලින් කිවුවා නේද මම හදපු නොට් එකක් ගැන. ඇත්තටම ඒ නෝට් එක හැදුවේ මම මීට ටික කලකට පෙර එක්තරා පාසලක Web Design පාඨමාලාවක් කරන්න කටයුතු කළා විශේෂ ඉල්ලීමකට.  ඉතින් ඒකට තමා මේ පුංචි පුංචි නෝට් හැදුවේ, මගේ පහසුවට. හැබැයි අපිට පාඨමාලාව ඉවර කරගන්න බැරිවුණා. පාසලේ ප්‍රෂ්ණයක් නිසා.  ඉතින් එනොට්ස් ටිකත් නිකම්ම තියන එකේ මම ඒවාගෙනුත් උදවු ගන්නවා මේ වැඩේට. ගොඩක් දේවල් කරුණු වශයෙන් තමා ඒ නෝට් එකේ මම සදහන් කරලා තිබුනේ. තේරැම් ගැනීමේ අපහසුවක් නැති දේවල් මම ඒකෙන් අරගෙන දාන්නම්.. අනික් ඒවා තේරැම් කරලා දෙන්නම්..  ගැටලුවක් නැහැ නේද?

හරි අපි කිවුවනේ Web එකක් Design  කරන වැඩේ වුනත් පිළිවළකට කරන්න ඔනි කියලා ,ඉගන ගන්න එකත් එහෙම්ම තමා...  දැන් දාන විස්තරේ පොඩ්ඩක් කියවා ගන්න කෝ. මේවත් වැදගත් හොදේ.

ඉතිහාසය:- 
  • මෘදුකාංග ඉංජිනේරුවරයෙකු වන ටිම් බර්නර්ස් ලී (Sir. Tim Berners lee) විසින් 1991 දී HTML භාශාව සොයාගැනීමත් සමග වෙබ් සංකල්පය බිහිවිය.
  • වෙබ් අඩවියක් යනු, වෙබ් පිටු කිහිපයක එකතුවකි.මෙම වෙබ් පිටු එකිනෙක සම්බන්ද වී වෙබ් අඩවියක් සෑදේ. අන්තර්ජාලයේ ඇති බහුමාධ්‍යමය අනුරුව වෙබ් අඩවියක් ලෙස සැලකේ. අන්තර්ජාලය භාවිතා කිරීමේදී සිදුවන්නේ අප විසින් වෙබ් අඩවියකට පිවිසීමයි.
  • වෙබ් අඩවියක් නැරඹීම සදහා විශේෂ මෘදුකාංග (Software’s) අවශ්‍යවේ. ඒවා වෙබ් බ්‍රව්සර්  (Web Browser) ලෙස හදුන්වයි. එසේ භාවිතා කිරීමට හේතුව වෙබ් පිටු සැදී ඇත්තේ HTML (Hyper Text Markup Language) හෝ වෙනත්  විශේෂ භාෂාවකිනි (ex:- PHP, JAVA, ASP.NET ).
ලොක ව්‍යාප්ත වියමන හෙවත් World Wide Web
  • විශ්ව ව්‍යාප්ත වියමන (හෙවක් වෙබ් - WWW/ WEB) හා අන්තර්ජාලය යනු දෙකකි වෙබ් යනු අන්තර්ජාලයේ ඇති එක් සේවාවක් පමණි.
  • එය විශේෂ ගොනු එකිනෙක Hyperlink හා URL මගින් එකිනෙකට සම්බන්දවී සෑදුණු ගොනු එකතුවකි. මෙඅතරට රූපරාමු (Videos), පින්තූර (picture), හඩපට හෝ අලංකාර වාදන කණ්ඩ  (Audio) ද ඇතුලත් විය හැක.
වෙබ් අඩවි වර්ගෙ (Type of web).
  • ව්‍යාපාරික වෙබ් අඩවි (Commercial web site).
  • පෞද්ගලික වෙබ් අඩවි (Personal web site).
  • සංවිධාන මගින් ක්‍රියාත්මක කරනු ලබන වෙබ් අඩවි. (Organizational and Community web site).
  • අධ්‍යපනික වෙබ් අඩවි (Educational web site).
  • තොරතුරු හා පුවත් වෙබ් අඩවි (News and information web site).
  • බ්ලොග් අඩවි හා අන්තර්ජාල ජර්නල් (blog site and online journal).
වෙබ් අඩවි ශෛලීන් (Web Style). 
  • Static - මෙහි තේරුම වන්නේ වෙනස් නොවන වෙබ් අඩවි යන්නය.මෙම වෙබ් අඩවියක සියලුම පිටු ඒකාකාරී වෙයි. මූලික වශයෙක් HTML භාෂාව පමණක් භාවිතයෙන් නිර්මානය කරන වෙබ් අඩවි Static වෙබ් අඩවි ලෙස හැදාන්වේ.
  • Dynamic - මෙහි අරුත “නිතර වෙනස්වන” යන්නයි. මෙම වෙබ් අඩවියක වෙබ් පිටු සියල්ල ඒකාකාරීව නොපවති . ඒවා එකින් එකට පිවිසීමේදී යම් යම් වෙනස්කම් දැකගත හැකිය. නැතිනම් එම පිටු තුළ ඇති විවිධ දෑ (අන්තර්ගතය - Content) ස්වයංක්‍රීයව වෙනස් වේ.
මේ ටිකත් කියවා ගන්න කිව්වේ ඇයි කියලා තේරෙනවා ඇතිනේ. මේවා නොදැන නම් මේ ගමන යන්න ටිකක් අමාරුයි. හරි මම කිවුවනේ Web එකක් Design කරන එක හිතු මනාපෙට කරලා බැහැ මේක පිළිවල කට කරන්න ඔනි වැඩක්කියලා. ඒපාර මොකද්ද ඒ...  අපේ අයට තියනවා පුංච් ලෙඩක් ඒ තමා  වැඩක් කරන්න ඔන වුණුට කොහෙන් පටන් ගන්වාද කොහොමද කරගෙන යන්නේ කියලා හරි හමන් වැටහීමක් නැහැ. ඉතින් එන්න ඒ රෝගය සුවකිරීම පිනිසයි මේ ප්‍රතිකාරය කරන්නේ.
මේකටත් තියනවා පුංචි සිස්ටම් එකක් එන්න ඒක තමා දැන් කියලා දෙන්න යන්නේ. මෙවා ඔන්න ගොඩක් අය කියලා දෙන දේවල් නම නෙවේ ඔං (කොහොමද කොල්ලගෙ සැර : D ). මේ ක්‍රියා පිළිවලට කියනවා වෙබ් සයිට් ඩිවලොප්මන්ට් ලයිෆ් සයිකල් (Website Development Life Cycle) කියලා. මෙන්න මේක තමා ඔය කියන සයිකලේ ... (පදින්න කලින් හොදට දැනගෙන ඉන්න වෙයි.. )

Website Development Life Cycle



දැක්කනේ ඉහලින් තියන පින්තූරය එන්න ඒකට තමා කියන්නේ Website Development Life Cycle  එක කියලා. අපි දැන් මේ එකික් එක මේ කියන අවස්ථාවලදී සැලකිලිමත් විය යුතු කරුණු ගැන සාකච්චා කරමු.

අපි හිතමු අපි දැන් Website එකක් මුල ඉදලාම Design කරන්නයි හදන්නේ (ඒ කිවුවේ අපි කලින් Design කරපු Website එකක් අයේ අලුත්වැඩියා කිරීමක් සිදු කරනවා නෙවේ අලුත්ම Website එකක් Design කරන්නයි හදන්නේ) කියලා. එහෙනම් අපි මේ සයිකල් එකේ Analyze website කියන තැනින් තමා පටන් ගන්නේ.

***කෙසේ නමුදු ව්‍යාපාරික අවසථාවක් නම් මෙම චක්‍රය අතර ඕනෑම අවස්ථාවක සේවා දායකයාගේ අවශ්‍යතාවයට මුල් තැන දිය යුතුය. කොහොමත් ඔයාට ඕනි වුන වෙලාවක වෙනස්කම් කරන්න තහනමක් නැහැ. මේක නිතියක් නෙවේනේ.***

Requirement & Analyze website:-   Website එක ට අවශ්‍ය තොරතුරු එකතු කරගන්නේ මේ අවස්ථාවේදීයි. ඒසදහා ,

  1. වෙබ් අඩවිය නිර්මාණය කරන්නේ කුමත් සදහාද? - අපි විවිධ අවශ්‍යතා මතනේ Website එකක් Design කරන්නේ. අන්න ඒ අපේ වෙබ් එකක් නිර්මානය කරගැනීමේ අවශ්‍යතාවය පැහැදිලිව අවබෝධ කරගන්න ඔනි හැම දේමට කලින්.
  2. මොනවාගේ පුද්ගලයින් අරමුණු කරගෙනද මෙම වෙබ් අඩවිය ඉදිරිපත් කරන්නේ? - අපි යම් විෂයක් මූලික කරගෙන වෙබ් Website එකක් Design කිරීමේදී එයින් සේවය ලබන්නා කවුද, ඒ සේවය ලබාගන්නාට ගැලපෙන අයුරින් සේවය ලබාදීමට කටයුතු කලයුතුයි. තේරෙනවානේ ලංකාවේ ඉන්න පුංච් ළමයින් අරමුණු කරගෙන හදන වෙබ් එකක සම්පූර්ණයෙන් කඩ්ඩෙන් දාලා ලොකු තාක්ෂණික කරුණු දාලා හරියන්නේ නැහැනේ . පුංචි උන්ට ගැලපෙන විදිහට තේරෙන විදිහට දෙන්න එපැයි. 
  3. මේක මොන වර්ගයේ වෙබ් අඩවියක්ද? - ඇත්තටම අපි නිර්මාණය කරන වෙබ් අඩවිය මගින් දෙන සේවාව මත සාර්ථකව වර්ගීකරනයකට ලක්කර ගැනීම හොදයි. ඒවගේම මේ වෙබ් එක පෞද්ගලික එකක්ද ? ආගමක් ගැන එකක්ද? ව්‍යාපාරික එකක්ද යනවග වැදගත් වෙනවා. මොකද අපි අපේ නිර්මාණයේ මුහුනුවර (Interface එක) සකසා ගතයුත්තේ මෙයට ගැලපෙන ආකාරයටයි. 

යන කරුණු සැලකිල්ලට ගතයුතුයි. හරිද? :)

Specification & Documentation:-  නිර්මාණය කිරීමට බලාපොරොත්තුවන වෙබ් අඩවියට යොජනාවක් සැකසීම, ව්‍යාපෘතියේ ආකාරයට වෙබ් අඩවියේ ඇතුලත් ‍තොරතුරු නියමාකාරයෙන් කලමනාකරනය කරගැනීම හා ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කිරීම තෙක් කාර්යයන්ට වැයවන කාලය හා ධනය පිළිබද මනා අවබෝදයක් ලබා ගැනීම. (ව්‍යාපාරික හෝ වෙනයම් පුද්ගලයෙක් වෙනුවෙන් නිර්මාණය කරන වෙබ් අඩවියක්නම් මෙම අවස්ථාවේදී ව්‍යාපෘති යෝජනාවක් සැකසීම ඉතා වැදගත් වගේම එය ව්‍යාපාරයේ අයිතිකරු විසින් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපිට එයට යන වියදම් හා අපිට ඔහු විසින් ගෙවිය යුතු ගෙවීම මෙමගින්ම ඔහුට දැන්විය යුතුයි. සාමාන්‍යයෙන් මෙම වියදම් වෙන් වෙන් වශයෙන් දැක්වීමක් සිදු නොකරයි. නමුත් විමසූ විටකදී පැහැදිලිකිරීමට හැකිවිය යුතුය. නිර්මාණ කරුගේ ශ්‍රමය වන්නේ සම්පූර්ණ වියදමෙන් 20-40% අතර ප්‍රමාණයකි.  මෙය නිර්මාණ කරුගේ පළපුරැද්ධ හා හැකියාව මත නිර්මාණ කරු විසින් තීරණය කළ හැකිය.)

Site Structure & Design:-  වෙබ් අඩවි නිර්මාණය කරන ප්‍රධාන structure තුනක් පවති. නමුත් වැඩියෙන් භාවිතා කරන්නේ Webs යන structure එකය. එහෙනම් අපි බලමුකෝ මේ මොනවාද කියලා. මේවනම් තේරුම් කරලා දෙන්න දෙයක් නැහැ. පහලින් තියන පින්තූර බලන්නකෝ තේරුම් ගන්න පලුලුවන් වේවි. මෙහි වර්ගීකරනය කරලා කියෙන්නේ වෙබ අඩවියක පිටු එකින එකට සම්බන්ද වන (Link වන) ආකාරය මතයි.

  • Sequences :- එක් දිසාවකට පමණක් යා හැකිය අවසානයේ නැවත මුලට පැමිණීමක් නැත (හරියට පවර්පොයින්ට් ප්‍රසන්ටේශන් එකක් වගේ නේද? )

  • Hierarchies:- වෙනස පේනවනේ. විවිධ ශාකා වලට බෙදිලා කියනවා ඒත් එක මගක ගියොත් ඒ මගේ විතරයි යන්න පුළුවන්.  මෙතනත් වර්ග දෙකක් තියනවා.
  • Webs:-   මෙහි තියන වෙනස තේරුම් ගන්න පහසුයි නේද? හොදට බලන්න.

Site Design Process:-  මෙහිදී ඉහත චක්‍රෙය් Development, Testing , Marketing & Maintenance යන පියවර පිලිබද කථා කරමු. මේ පියවරවල් එකිනෙක මනා සබදතාවයකින් වගේම මේ පියවර තුන නිතර නිතර සිදුවන බැවින් මෙලෙස එකටම කථා කරමු.  

ඊට පෙර සිදු කළ යුතු ප්‍රධානම කාර්යයක් තියනවා. ඒක තමා මේක :)
පළමුවෙන්ම ඔබ තීරණය කරන නමට අදාලව ඩොමෙයින් නාම (Domain Name/ Web Address) ලබාගතයුතුය. දෙවනුව වෙබ් අඩවිය ස්ථාපනය කිරීමට අවශ්‍ය වෙබ් හොස්ටින් (Web Hosting) සේවාව ලබා ගතයුතුය. ඉන් පසු ඔබේ වෙබ් අඩවිය නිර්මාණය කොට අදාල හොස්ටින් සර්වරයට (Hosting Server) ඇතුලත් කළ හැකිය. 

***ඔන්න එතකොට මේ අවස්ථාවේ තමයි වෙබ් අඩවිය නිර්මානය කරන වැඩේ පටන් ගන්නේ. ඒකියන්නේ මේ වෙනකොට ඔයාලාට මීට කලින් කියපු අවශ්‍යතා සියල්ල සම්පූරණ කරගෙන සිටිය යුතුයි කියන එකයි.***(HOSTING , DOMAIN අපේ ගොඩක් අය ගන්නේ පහු වෙලා Website එක UPLOAD කරන්න ඔනි වුනහාම තමා ඉතින්. කලින් ගන්නවානම් හොදයි.ඒත් බලකිරීමක් නැහැ.)

(මේවා ගැන අපි ඉදිරියේදී කථා කරමු. ඒත් ඔයා ඩොමෙයින් නාමය ලබා ගැනීම ඉතා වැදගත්. මොකද ඔයා ඩොමෙයින් එකක් නොගෙන මේ ඩොමෙයින් එක සුද්සුයි කියලා හිතාගෙන ඔයාගේ වෙබ් අඩවිය සෑදුවා යැයි කියමු. අන්තිමේට ඩොමෙයින් එක ගන්න යද්දි ඒක වෙනකෙනෙක් අරන් තිබුනොත්,ඔයාට ගන්න බැරිවුණොත් ඔයාට සිද්ධ වෙනවා ඔයාගේ ඩොමෙයින් එක දාපු ඔක්කොම ලින්ක්ස් නැවත වෙනස් කරන්න මුල ඉදන්, ඇඩෙනවා නේද තනි ඇහැට :D )

Development:- වෙබ් අඩවියට අදාල ගොනු අප්ලෝඩ් කිරීමෙන් අනතුරුව කාලයත් සමග වෙබ් අඩවිය සංවර්දනය කළ යුතුය. මෙහිදී අඩවියට අලුත් දෑ එක් කිරීම, මෙන්ම තියන දෑ සංශෝධනය කිරීම කළ හැක. විශේෂයෙන් වෙබ් අඩවිය දිනෙන් දින අලුත්වන තොරතුරු ඇතුලත්  කරන්නේ බොහෝවිට සර්වරය තුළදීය.

Testing:-  
  • අප ලබාගත් සර්වරය තුළ පවතින ඉඩ හා බැන්ඩ්විත් ප්‍රමාණය (Bandwidth- මාසයක කාලයක් තුළ සර්වරය තුළින් හුවමාරුවීමට අවස්ථාව දෙන දත්ත ප්‍රමාණය.)  ප්‍රමාණවත්ද යන වග පරික්ෂාකරගත යුතුය.
  • මෙහිදී සර්වරය තුළදී ක්‍රියාත්මක වන මෘදුකාංග (web based application) පිළිවද සැලකිලිමත්විය යුතුය. තවද විවිද වෙබ් බ්‍රව්සර් ඇතිබැවින් එම සියලු බ්‍රව්සර් (Web Browser :- Chrome , Firefox, Internet Explore වැනි  ) සමගින් එකාකාරව ක්‍රියා කරන්නේද යන වග (Browser compatibility) පරික්ෂාකළ යුතුය.
Marketing & Maintenance:-
  • Marketing ලෙස මෙහිදී හැදින්වෙන්නේ අපගේ වෙබ් අඩවිය සාමාන්‍ය  සමාජයතුළ ප්‍රචලිත කිරීමයි. මේසදහා ප්‍රධානම කාර්යය වන්නේ සෙවුම් යන්ත්‍ර තුළ අපගේ වෙබ් අඩවිය ඉදිරියට ගෙන ඒමයි.  මේ සදහා අප ක්‍රියාත්මක වන්නේ වෙබ් අඩවිය නිර්මාණය කරන අවදියේ සිටය.
  • Maintenance පියවර ඉතා වැදගත් පියවරකි. අපගේ වෙබ් අඩවිය නිතර නිතර නැවුම් තොරතුරු මගින් වර්ණවත් කරගැනීම සිදුකළ යුතුය. නව අංග වෙබ් අඩවියට එක්කළ යුතුය (Updating). එමෙන්ම යම් යම් අවස්ථාවල ඇතිවන දෝශ නිරාකරනය කිරීමද සිදුකළ යුතුය.
ඔන්න ඔහොමයි සිද්දධිය.  මොකද හිතන්නේ වැඩේ ගැන. ඔයාලට ලොකු විස්තරයක් කියලා දුන්නා ඔන්න අදනම්.  මේ ටික හොදට දැනගෙන ඉන්න ඔනි හරිද? මේක නිකම් වෙබ් එකක් හදන හැටි විතරක්නම් නෙවේ වෙබ් ඩිසයිනර් කෙනෙක් වෙන්න සුදුසු පාඨමාලාවක් වගේ වේවි ඉදිරියට. එහෙනම් අදට නවතිනවා. හැමෝටම ජය වේවා ... !!! 

10 comments:

  1. ඉතාම හොඳ ලිපියක්. අධ්‍යාපනාත්මක ගුණයෙන් ඉතා ඉදිරියෙන්.

    ReplyDelete
  2. බොහෝම ස්තූතිය් මාධව අයියේ...

    ReplyDelete
  3. හොඳ වැඩක්... දිගටම දාන්න

    ReplyDelete
  4. දිගටම ලියන්න අපි බලනවා.

    ReplyDelete
  5. මේ ලිපිය දිග වැඩිද?? වැඩි පිරිසක් බලලනම් තිබුනා ඒත් ගුණ දොස් කීවේ අඩුවෙන්... කමක් නෑහැ ඊලග වතාවේ කොහොමත් එච්චර දිග වෙන්නේ නැතිවෙයි...

    ReplyDelete
  6. යාලු මම කලින් පොස්ට් එකට කමෙන්ට් දැම්මේ නැ වගේ මතක නම් එත් ඇත්තටම බලාගෙන ඉන්නවා.. පොස්ට් එක දිග වැඩි කියලා නම් මට පොඩ්ඩක්වත් දැනුනේ නැ... ගොඩාක් උනන්දුවෙන් මම මේක ගැන ඉන්නේ... ටික ටික දන්නවා උනත් හරි හරි හමන් දෙයක් කාගෙන්වත් මම මේ ගැන අහගෙන නැ ඔයාගේ මේ වැඩේ මට ගොඩාක් වැදගත්... ජය වේවා....

    ReplyDelete
  7. අහ් ඒක කමක් නැහැ, මම එහෙම ඇහුවේ ගොඩක් අය ඇවිල්ලත් අදහස් අඩු නිසා මම හිතුවා පෝස්ට් එක දිග වැඩි නිසා කට්ටිය කියවන්නේ නැතුව ගියාවත්ද කියලා. ඔයාගේ අදහස් දැක්වීම ගොඩක් හොදයි.. බොහෝම ස්තූතියි.

    ReplyDelete
  8. godak kalekin passe mata meaka set une niyamai kiyala wadak ne. thanks mewage therena lesata kiyala dunnata.

    ReplyDelete
  9. නියම ලිපිය ......ඉදිරියටත් අපි හොද ලිපි බලාපොරොත්තු වෙනවා.ජය වේවා .....

    ReplyDelete
  10. හුගක් වටිනා ලිපියක්.....ඉදිරියටත් ලියන්න.....ජය වේවා...

    ReplyDelete