Friday, November 25, 2011

Paragraph හෙවත් ඡේද වෙන්කර වෙබ්පිටුවේ ලියන හැටි හා Line Break භාවිතා කරන හැටි

Paragraph කියලා හදුන්වන්නේ ඡේදයක් කියන එකනේ . ඉතින් වෙබ් අඩවියක් නිර්මාණය කරන අවස්ථාවලදී අපිට මේ විදිහට ඡේද භාවිතා කරන්න සිද්ද වෙනවා..  අපි මේ බ්ලොග් එක ලියන විටත් ඡේද ඡේද වෙන්වෙලා තිබුනට අපි මෙතනදිනම් ඡේද භාවිතා කරලා නැහැ.. ඒත් බොහෝ අවස්ථාවලදී අපිට ඡේද අවශ්‍ය වෙනවා..  මේ සයිට් එක ටිකක් බලන්න ඔයාලාට පැහැදිලිවේවි එතකොට.

මේ සයිට් එකේ source code එක ටිකක් බලන්නකෝ මෙන්න මේවගේ එකක් තියනවා නේද?

Paragraph

අහ් දැන් පැහැදිලි ඇති නේද කොහොමද  Paragraph  එකක් හදා ගන්නේ කියලා...
මෙහිදී  ඒ සදහා අපි
කියන ටැග් එක පාවිච්චි කරනවා. ටැග් එකක් පාවිච්චි වෙන ආකාරය අපි කලින් කිව්වානේ..  මේ විදිහට තමා අපි ඡේදයක්  නැත්නම් Paragraph එකක් හදා ගන්නේ (පහළ කෝඩ් එක බලන්න.

යන ටැග්ස් දෙක අතරට අපට අවශ්‍ය ටෙක්ස් එක යොදා ඇති අයුරු පැහැදිලිව දැකගත හැකිය.)

The paragraph is one of the main building blocks of writing. Its effective
use is key to good writing. If it is used badly - if paragraphs are either
very long, or short, one sentence ones, or if there is a sudden break
in sense between paragraphs - then the meaning is obsured. So, what is
a paragraph?

හරි දැන් ඔයාලත් කරන්න ඕනි පුංචි වැඩක්. මොකද්ද දන්නවාද? Note pad  එක Open  කරගෙන මේ ඉහලින් තියන විදිහට

ටැග් අතරට මෙන්න මේ පහලින් දීලා තියන song  එක (සිංදුවේ කොටසක් විතරයි තියෙන්නේ.. ) කොපි කරලා paste  කරන්නකෝ. Note pad එක විතරක්ම බාවිතා කරන්න.

It's been so long
That I haven't seen your face
I'm tryna be strong
But the strength I have is washing away

It wont be long
Before I get you by my side
And just hold you tease you squeeze you
Tell you what's been on my mind

මේවගේද ඔයාලා ටයිප් කරගත්තු පිටුව??

දැන් මේ පිටුව HTML පිටුවක් විදිහට සේව් කරගන්නකෝ.  දැන් බ්‍රව්සර් එකෙන් විවෘත කරලා බලන්න කොහොමද පේන්නේ කියලා.

හරි වැඩේ නේද වෙලා තියෙන්නේ...? අපි මේවිදිහට නෙවේනේ ටයිප් කළේ..
මේ ගැටලුව හදන්න නම් අපිට තවත් ටැග් එකක් පාවිච්චි කරන්න වෙනවා.  ඒක තමයි
කියන Tag එක.

Line Break

මේ Tag එකේ වෙනසක් පේනවා නේද?  හොදට බලන්න . මතකද මම කිව්වා සමහර ටැග්ස් වලට තියෙන්නේ Open Tag එක විතරයි කියලා. ඒවාට Close Tag නැහැ කියලා. අන්න එහෙම ටැග් එකක් තමා මේක. මේ Tag එක මගින් සිද්ද වෙන්නේ ඉන්න රූලේ ඉදන් පහළ රූලට යන එකයි.  හරි අපි ඉස්සර වෙලා හදාගත්තු HTML Page එක ආයෙත් Notepad එකෙන් Open කරගන්නකෝ... ඉන් පසුව..

It's been so long

That I haven't seen your face

I'm tryna be strong

But the strength I have is washing away

It wont be long

Before I get you by my side

And just hold you tease you squeeze you

Tell you what's been on my mind

මෙන්න මේ විදිහට
ටැග් එක භාවිතා කරලා ඉතත ආකාරයට වෙනස් කරගන්නකෝ..
දැන් සේව් කරලා නැවතත් වෙබ් බ්‍රව්සරයක් මගින් Open කරලා බලන්නකෝ...
වැඩේ හරි නේද?

ඔන්න අදට පාඩම මෙපමණයි..  ඒත් එකක් පුංචි ඉල්ලීම් දෙකක් ඉල්ලන්න හිතුනා..  මම හරි කැමතියි දැනගන්න මේ වැඩෙන් කොච්චර පිරිසක් උදවු ලබා ගන්නවාද කියලා..  හැබැයි ගනන් තියා ගන්න නෙවේ.. මගේ වැඩේන් ප්‍රයෝජනයක් තියනවාද කියලා දැනගන්න. ඒ නිසා ඔයාලගේ අදහස් ගොඩාක් වැදගත්.. ඒනිසා ඔයාලට තියන ගැටළු එහෙම අහන්න, ඔයාලට හිතෙනවානම් මේ අඩවියේ කටයුතු මේ විදිහට මේවිදිහට සිද්ද වෙන්න ඕනි කියලා ඒගැනත් කියන්න..  තව ඔයාලාගේ අදහස් උදහස් දක්වන්න..

අනිත් කාරනේ තමා මම මේ අඩවියෙන් දෙන්න උත්සහා කරන දැනුම ලබා ගන්න තව අයට අවස්ථාව ලබා දෙන්න ඔයාලටත් පුළුවන් . මේ අඩවියේ ලිපි බලන ගමන් ඒවා Twitter, Facebook, Google වගේ තැන් වල  Share  කරලා වගේම,  බ්ලොග් අඩවි හිමිකරුවෙන් නම් ඔබ, ඔබ කැමතිනම් මෙහි තියන බැනර් එකක් ඔයාලාගේ බ්ලොග් අඩවි වල ප්‍රදර්ශනය කරන්න...
ඕක තමා ඉතින් ඉල්ලන්න තියන අහින්සක ඉල්ලීම..  එහෙනම් හැම දෙනාටම සුභ අනාගතයක් කියලා ප්‍රාර්ථනා කරනවා..

6 comments:

1. එලම තමා දිගටම කරගෙන යන්න ....... මාත් HTML ගෙන ගොඩක් අසාවෙන් හිටියේ මේ වගේ හෙල්ප් දෙනවනම් ෆිට්ම තමා .....................

ReplyDelete
2. එලම තමා දිගටම කරගෙන යන්න ....... මාත් HTML ගෙන ගොඩක් අසාවෙන් හිටියේ මේ වගේ හෙල්ප් දෙනවනම් ෆිට්ම තමා .....................

ReplyDelete
3. පුලුවන්නම් table හදන හිටිත් පොස්ට් කරන්නකෝ

ReplyDelete
4. ස්තූතියි ඔබට - බොහොම පැහැදිලිව ලියා තියේ
අපි වාගේ මෙව්වා හසරක් නොදන්නා අයටත් තේරෙන විදිහට

ReplyDelete
5. චැහ්! ඕක දාන්න තිබුනෙ නැතෑ මීට දවස් දෙකකට කලිං.එහෙම උනානං මගේ වටිනා කාලයෙන් පැය දෙකක් විතර ඉතිරිවෙනවා! මම මගේ කලිං පෝස්ට් එකේ සිංදුවක් ටයිප් කරල ඒකෙ පද හතරෙන් හතර වෙන්කරන්න මාර ට්‍රයි එකක් දුන්නෙ. ඒත් බැරිඋනා. දැං වැඩේ දන්නවා. ආ.... ඡේදයක තියන පේලි අතර දුර අඩුවැඩි කරන්න(line space)තියන ක්‍රමේ දානවද? ලොකු උදව්වක්.
හොද ලිපියක්. දිගටම ලියන්න.

ReplyDelete
6. @chamara: බොහොම ස්තූතියි අදහස් වලට.. ටේබල් දාන හැටි පෝස්ට් එකක් දාන්නම්.. හැබැයි ටිකක් ඉදිරියට ගියහාම.. මොකද මෙතන ඉදන් ටේබල් හදන හැටි දැම්මොත් මුල ඉදන් ඉගනගන්න අයට අමාරු වේවි කියලා මට හිතෙනවා.. බයවෙන්න එපා ඉක්මනටම දාන්නම්...

@තිස්ස දොඩන්ගොඩ: බොහොම ස්තූතියි ඔබේ අදහස් වලට.. මගේ උත්සහයත් ඒකම තමයි.. ඒවගේම විඩියෝ හැකිතරම් අඩුවෙන් භාවිතාකරන්නත් හිතාගෙන ඉන්නවා.. මොකද අපි නොහතුවට සැලකියයුතු ප්‍රමාණයක් තවමත් ඉන්ටර්නෙට් එන්නේ 2ජී වලින්.. ඒකනිසා එයාලටත් පහසුවෙන්න තමයි එහෙම කරන්නේ..

@රාජ්: එහෙනම් ඔයාට මේක වෙලාවේ හැටියට ගොඩාක් වැදගත් වෙන්න ඇති නේද? ඒ ගැනනම් මට ගොඩක් සතුටුයි..
ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේටනම් අපිට ස්ටයිල් වලට යන්න වෙනවා.. පහළ උදාහරනේ බලන්න.. ඔයාට තේරුම් ගන්න පුළුවන් වේවි.

<*p style="line-height:200%; ">Paragraph text here. Paragraph text here. Paragraph text here. Paragraph text here.<*/p>

(* සලකුණ ඉවත් කරන්න.)

style="line-height:200%; කියන කොටස ඔයාට අවශ්‍ය ටැග් එකට ඇතුල් කරගන්න ඉහත ආකාරයට. එතකොට හරි.. මෙහි තියන ප්‍රතිශතය වැඩි කරන කරන තරමට පේලි දෙකක් අතර ඉඩ වැඩි වෙනවා..
හරි නේද????  දැනට මේ විදිහට කරන්න ඉදිරියේදී ස්ටයිල් ගැන කරනකොට තේරේවි... ඔබටත් බොහෝම ස්තූතියි....

ReplyDelete