Friday, December 2, 2011

වෙබ් පිටුවක් තුළ විවිධ Text Format භාවිතා කරන හැටි.

ෆොන්ට් හෙවත් අකුරු, අද කථා කරන්න උත්සහ කරන්නේ අකුරු වර්ග ගැන නම් නෙවේ, අපි භාවිතා කරන අකුරු විවිධ ආකාරයට භාවිතා කරන්න පුළුවන්නේ ඉතින් ඒගැන තමයි අද කථා කරන්න යන්නේ.  වැඩි විස්තර ඕනි නැහැ.  බලන්නකෝ පහළ තියන ඒවා අදුරනවද කියලා, නැත්තන් මේවාගේ වෙනස ඔයාලට තේරෙනවාද බලන්නකෝ..


දැක්කනේද?
මම අද කියලා දෙන්නේ මේවිදිහට වෙබ් පිටුවකට HTML මගින්  අකුරු එකතු කරගන්න විදිහයි. මේ වැඩේට අපි භාවිතා කරන ටැග්ස් ටිකත් එක්කම උදාහරණ වලින් කියලා දෙන්නම්..  දැන් ටැග් එකක් පාවිච්චි කරන හැටිනම් කියලා දෙන්න ඔනි නැහැනේ...  මේ පහළ දාලා තියන ටික බලන්නනෝ එතකොට තේරේවී කොහොමද මේ විදිහේ අකුරු වෙබ් පිටුවට එකතු කරගන්නේ කියලා..  මේවා හරි ලේසි වැඩ කියලා එතකොට හිතේවි...


Bold and Strong
<b>This text is bold</b>
This text is bold


<strong>This text is strong</strong>
This text is strong
(මෙම <b> හා <strong> යන Tag දෙක එකම අරමුණන් සදහා භාවිතා කරයි.)
------------------------------------------------------------------

Big 
<big>This text is big</big>
This text is big
------------------------------------------------------------------

Italic and Emphasized
<i>This text is italic</i>
This text is italic

<em>This text is emphasized</em>
This text is emphasized
(මෙම <i> හා <em> යන Tag දෙක එකම අරමුණන් සදහා භාවිතා කරයි.)
--------------------------------------------------------------------

Computer Output
<code>This is computer output</code>
This is computer output
--------------------------------------------------------------------

Subscript and Superscript
This is<sub> subscript</sub> and <sup>superscript</sup>
This is subscript and superscript


කොහොමද වැඩේ තේරුණාද? සාමාන්‍ය වදිහටම තමයි ටැග්ස් දෙක මැදින් අපිට අවශ්‍ය ටෙක්ස් එක ලියලා තියෙනවා...  එහෙනම් මේ ටික හොදට මතකේ තියා ගන්න. අනිවාර්යයෙන්ම කරලා බලන්න...  ඉදිරියේදි Tags සහ ඒවායේ Attributes පිළිබදව සටහනක් ලබා දෙන්න මම බලාපොරොත්තු වෙනවා..  හැමෝටම සුභ අනාගතයක්... 

3 comments:

  1. බොහොම වටිනවා සහෝ....

    ReplyDelete
  2. බොහෝම ස්තූතියි සහෝ... කාගේන් හරි අදහසක්(කමන්ට් එකක්) ලැබෙන එකත් මේවගේ ලියන අපිට ගොඩාක්ව වටිනවා සහෝ...

    ReplyDelete
  3. එලකිරි මචන්......මේ බ්ලොග් එක මට නම් මාර වැදගත්

    ReplyDelete