Monday, December 12, 2011

වෙබ් පිටුවක් තුළ විවිධ Hyperlinks (Links) භාවිතා කරන හැටි.

අපි දන්නවා වෙබ් සයිට් එකක් කියන්නේ මොකද්ද කියලා කථා කරනවිටම කියවෙන වචන ටිකක් තියනවා ඒතමා “වෙබ් පිටු එකිනෙක හා සම්බන්ධ කරන ලද“ තියලා..  මොකද්ද ඇත්තටම මේ කථාව...  ඇත්තටම වෙබ් අඩවියක් කියන්නේ එක වෙබ් පිටුවකට නෙවේනේ.. එහෙම වේබ් සයිටුත් ඇති හැබැයි ඒවා වෙබ් පේජ්... වෙබ් පිටු කිහිපයක් එකතු වුණාම තමා වෙබ් අඩවියක් , නැත්තන් වෙබ් සයිට් එකක් කියලා කියන්නේ..  මේ වගේ වෙබ් අඩවියක ඇති වෙබ් පිටු වගේම වෙනත් වෙබ් අඩවි වල ඇති පිටු, ගොනු(ෆයිල්) වෙබ් එකකට එකතු කරනකොට යොදා ගන්නා element එකට අපි කියනවා හයිපර් ලින්ක් කියලා...  වැඩි හරියක් පහසුවට කියනවා ලින්ක් කියලා...
ඒ කිව්වේ වෙබ් සයිට් හදනකොටනේ.. වෙබ් සයිට් එකක් පාවිච්චි කරද්දි මොනවාද මේ හයිපර්ලින්ක් කියන්නේ... ??  ඔයාලා ඔය ටෙක්ස් එකක් උඩ හරි,පින්තූරයක් උඩ හරි ක්ලික් කරලා වෙන තැන කට යනවා නේද, ඒ වෙබ් එකේම හරි නැත්තන් වෙන වෙබ් එකක හරි, අන්න ඒ ක්ලික් කරන්නේ මේ කියන හයිපර් ලින්ක් එකක්ම තමයි.

උදාහරණ:-
Visit WDST


අද කියලා දෙන්න යන්නේ කොහොමද මේ ලින්ක් අපේ වෙබ් එකට එකතු කරගන්නේ කියලයි... අමාරු නැහැ හරිම ලේසියි..බලමු අපි කොහොමද මේක කරන්නේ කියලා..
මෙහෙමයි, මේකට අපි පාවිච්චි කරනවා <a> කියන ටැගි එක.  මේ ටැග් එකේ විශේෂත්වයක් තියනවා.  අපි මීට කලින් පාවිච්චි කරපු ටැග් ඒ ටැග් එක විතරක් හොදාගෙන කුමක් හෝ ප්‍රයෝජනයක් ගන්න අපිට පුළුවන් වුනානේ.. ඒත් මේ <a> කියන ටැග් එක පාවිච්චි කරන කොට අනිවාර්යයෙන් දෙයක් පාවිච්චි කරන්න ඕනි. ඒවාට කියනවා ඇට්‍රිබියුට් (Attribute) හෙවත් ගුණාංග කියලා. කලින් අපි මේ ගැන නම් කථා කළානේ..කියවපු නැති අය, දන්නේ නැති අය මෙතනින් ගිහින් කියවලා බලන්න.  මෙතනදි අපි ලින්ක් එකක් යොදන්න href කියන ගුණාංගය පාවිච්චි කරනවා.
මෙන්න මේ විදිහට තමයි අපි ලින්ක් එකක් හදා ගන්නේ..

වැඩේ හරි නේද?
තව දෙයක් මම කියලා දෙන්නම්. ඒ තමා ඔයාලා දැකලා ඇති සමහර ලිනික් ක්ලික් කලහම ඒවා අළුත් ටැබ් එකකින් ඕපන් වෙනවා..  එහෙම කරන්නේ target කියන  Attribute එකේ Value (අගය) "_blank" ලෙස භාවිතා කරලයි. මේ උදාහරණය බලන්න. මේ උදාහරණය බලන විට තවත් දෙයකට ඔයාලාගේ අවදානය යොමු කරන්න ඕනි..  ඒතමා අපි Attribute  දෙකක් එක ලග භාවිතා කරනි විට එය සිද් කරන ුයුරු.  හොදට අවදානෙන් බලන්න මෙය බැලූ බැල්මට මෙහි වෙනසක් නැහැ කියයි. ඇත්ත වශයෙන්ම මෙහි වෙනසක් නැහැ. හැබැයි ඔයාලාට වැදදෙන්න තියන ඉඩකඩ වැබියි ඒනිසා Attribute  දෙකක් හෝ කිහිපයක් එක දිගට භාවිතා කරන විට “උඩු කමා“ දැමීම නිවැරදිව කරන්න..  දැන් මේ පහත උදාහරණය බලන්නකෝ..
තෙරෙනවා නේද කරන හැටි..  එහෙනම් වැඩේ හරි....

No comments:

Post a Comment