Monday, May 21, 2012

HTML LIST (ලිස්ට්) එකක් හදමු...

“ලිස්ට්“ අහලා පුරුදු වචනයක් නේද? ඔවු ඔවු..  අහලනම් තියෙනවා..  “ලිස්ට්“ සමහර අවස්ථාවලදී මේ වගේ ලිස්ට් අපේ වෙබ් අඩවි වලටත් ඔනි වෙනවා...  අන්න ඒ වගේ අවස්ථාවක අපේ වෙබ් අඩවියකටත් ලිස්ට් එකක් දාගන්නේ කොහොමද කියලා කියලා දෙන්න තමයි අද මම උත්සහ කරන්නේ...

හරි ඔයාලා දන්නවත් ඇති ලිස්ට් එක එක විදිහේ ඒවා තියෙනවානේ...  ඉතින් මේ එක එක විදිහේ ලිස්ට් ප්‍රධාන කොටස් දෙකකට බෙදා දක්වන්න පුළුව්න් ඒවා තමයි

Tuesday, March 13, 2012

HTML Table ගැන ඉතිරිය...

ඉතින් කොහොමද? කාලෙකින් නේද? කියලා වැඩක්නෑ වචනේ පරිසමාර්ථයෙන්ම මාස ගානකට පස්සේ වගේ මේ පැත්තේ ආවේ...  ඒත් ඔයාලානම් ඇවිත් ගිහින් තිබුනා කියලා දැක්කා..  ඒ හැමොටම ගොඩාක් ස්තූතියි බ්ලොගය තනි නොකලාට..

එදා අන්තිමට මම කීවානේද ටේබල් ගැන තව ටිකක් කියන්න තියනවා කියලා..  හ්ම්...  ඒ ටික තමා දැන් කියලා දෙන්න යන්නේ..  විශේෂයෙන් මේ කියලා දෙන ටික ටේබල් එක්ක ලොකු වැදගත්කමක් තියනවා..  මොකද දන්නවාද? සරල වෙබ් අඩවියකදී ටේබල් මගින් කරන්න පුළුවන් කාර්යය අති විශාලයි..  ඒක නිසා ඔයාලට ටේබල් වලට තියෙන මේ ගුණාංග (Attribute) කිහිපය ගැන කියලා දෙන්නම ඕනි..
ඒවා තමයි මේවා...

Friday, January 6, 2012

වෙබ් පිටුවකට ටේබල් එකතු කරගනිමින් වේබ් පිටුවක් නිර්මාණය කරගන්නා ආකාරය..

ඉතින් යාළුවනේ කොහොමද? මට නම් හොදටම බනිනවා ඇති නේද? කරන්න දෙයක් නැහැ යාළූ දුක තමා. හරි හරි අද කියලා දෙන්න හදන්නේ මොකද්ද කියලා දන්නවනේ.. ඒත් Table දාන හැටි දැනගන්න කලින් අපි බලමු මොනවද මේ Table කියන්නේ මොකද්ද ,මේකෙන් තියන ප්‍රයෝජනය කියලා..

Sunday, December 25, 2011

වෙබ් පිටුවකට පින්තූරයක් එකතු කරගන්නා හැටි. (Add An Image To Your Web Page)

ඉතින් යාළුවනේ කොහොමද සැප සනීප එහෙම..  ඒක එක වැඩ කටයුතු නිසාත්, බ්ලෝගර්වල ඇති වෙච්ච ගැටළු නිසාත් ගොඩ දවසකින් පොස්ට් එකක් ඇතුළත් කරන්න බැරිවුනා..  ඒගැන සමාව අයදින් ගමන් අද අපි ඉගන ගමු කොහොමද වෙබ් පිටුවකට පින්තූරයක් ඇතුලත් කරන්නේ කියන එක ගැන.
එහෙනම් අපි බලමු කොහොමද අපි මේ පින්තූරය අපේ වෙබ් පිටුවකට එකතු කරගන්නේ කියලා..  හරිම ලේසි වැඩක් තමා කරන්න තියෙන්නේ.

Monday, December 12, 2011

වෙබ් පිටුවක් තුළ විවිධ Hyperlinks (Links) භාවිතා කරන හැටි.

අපි දන්නවා වෙබ් සයිට් එකක් කියන්නේ මොකද්ද කියලා කථා කරනවිටම කියවෙන වචන ටිකක් තියනවා ඒතමා “වෙබ් පිටු එකිනෙක හා සම්බන්ධ කරන ලද“ තියලා..  මොකද්ද ඇත්තටම මේ කථාව...  ඇත්තටම වෙබ් අඩවියක් කියන්නේ එක වෙබ් පිටුවකට නෙවේනේ.. එහෙම වේබ් සයිටුත් ඇති හැබැයි ඒවා වෙබ් පේජ්... වෙබ් පිටු කිහිපයක් එකතු වුණාම තමා වෙබ් අඩවියක් , නැත්තන් වෙබ් සයිට් එකක් කියලා කියන්නේ..  මේ වගේ වෙබ් අඩවියක ඇති වෙබ් පිටු වගේම වෙනත් වෙබ් අඩවි වල ඇති පිටු, ගොනු(ෆයිල්) වෙබ් එකකට එකතු කරනකොට යොදා ගන්නා element එකට අපි කියනවා හයිපර් ලින්ක් කියලා...  වැඩි හරියක් පහසුවට කියනවා ලින්ක් කියලා...

Friday, December 2, 2011

වෙබ් පිටුවක් තුළ විවිධ Text Format භාවිතා කරන හැටි.

ෆොන්ට් හෙවත් අකුරු, අද කථා කරන්න උත්සහ කරන්නේ අකුරු වර්ග ගැන නම් නෙවේ, අපි භාවිතා කරන අකුරු විවිධ ආකාරයට භාවිතා කරන්න පුළුවන්නේ ඉතින් ඒගැන තමයි අද කථා කරන්න යන්නේ.  වැඩි විස්තර ඕනි නැහැ.  බලන්නකෝ පහළ තියන ඒවා අදුරනවද කියලා, නැත්තන් මේවාගේ වෙනස ඔයාලට තේරෙනවාද බලන්නකෝ..

Friday, November 25, 2011

Paragraph හෙවත් ඡේද වෙන්කර වෙබ්පිටුවේ ලියන හැටි හා Line Break භාවිතා කරන හැටි



Paragraph කියලා හදුන්වන්නේ ඡේදයක් කියන එකනේ . ඉතින් වෙබ් අඩවියක් නිර්මාණය කරන අවස්ථාවලදී අපිට මේ විදිහට ඡේද භාවිතා කරන්න සිද්ද වෙනවා..  අපි මේ බ්ලොග් එක ලියන විටත් ඡේද ඡේද වෙන්වෙලා තිබුනට අපි මෙතනදිනම් ඡේද භාවිතා කරලා නැහැ.. ඒත් බොහෝ අවස්ථාවලදී අපිට ඡේද අවශ්‍ය වෙනවා..  මේ සයිට් එක ටිකක් බලන්න ඔයාලාට පැහැදිලිවේවි එතකොට.