Sunday, December 25, 2011

වෙබ් පිටුවකට පින්තූරයක් එකතු කරගන්නා හැටි. (Add An Image To Your Web Page)

ඉතින් යාළුවනේ කොහොමද සැප සනීප එහෙම..  ඒක එක වැඩ කටයුතු නිසාත්, බ්ලෝගර්වල ඇති වෙච්ච ගැටළු නිසාත් ගොඩ දවසකින් පොස්ට් එකක් ඇතුළත් කරන්න බැරිවුනා..  ඒගැන සමාව අයදින් ගමන් අද අපි ඉගන ගමු කොහොමද වෙබ් පිටුවකට පින්තූරයක් ඇතුලත් කරන්නේ කියන එක ගැන.
එහෙනම් අපි බලමු කොහොමද අපි මේ පින්තූරය අපේ වෙබ් පිටුවකට එකතු කරගන්නේ කියලා..  හරිම ලේසි වැඩක් තමා කරන්න තියෙන්නේ.
 මේකට අපි පාවිච්චි කරන ටැග් එක තමා <img> හැබැයි මේ ටැග් එකත් අපිට තනියම පාවිච්චි කරන්න බැහැ.. මේ ටැග් එක පාවිච්චි කරනකොට අපි attribute එකක් අනිවාර්යයෙන් පාවිච්චි කරනවා.  මොකද්ද මේ   attribute එක කියලා අපි උදාහරණයත් එක්කම බලමු.  මේ ටැග් එකේ තව දෙයක් තියනවා දැනගන්න.  එ තමා මේ ටැග් එකත් Close Tag නැති Open Tag එකක් විතරක් තියන ටැග් එකක් . මේ ටික එහෙනම් මතකේ තියාගෙන මෙන්න අපි බලමු කොහොමද පින්තූරයක් අපේ වෙබ් පිටුවකට එකතු කරගන්නේ කියලා..

මේ විදිහට තමයි පින්තූරයක් එකතු කරගන්නේ..  මෙතනදී අපි src කියන   attribute එක භාවිතා කරනවා අපි එකතු කරගන්න පින්තුරය තියන තැන සහ පින්තූරය නම්කරලා තියන නම,පින්තූරයේ ෆයිල් ටයිප් එක ලබාදීමට. එමගින් අදාල ස්ථානයේ තියන පින්තූරය වෙබ් පිටුවට ගෙනල්ලා පෙන්වනවා..  මෙතනදී alt විදිහට ලබා දෙව   attribute එක නම් අනිවාර්යය නැහැ. නමුත් මෙමගින් හදිසියේ හරි වෙබ්පිටුවේ රූපය පෙන්නුවේ නැත්තන් එතන පෙන්වන්න සුදුසු වාක්‍යයක් වචනයක් මෙතනට ලබාදෙනවා..  width ,height  මගින් රූපයට අදාලව රූපයේ ප්‍රමාණය ලබාදෙනවා..  රූපයේ ප්‍රමාණය ලබා දීම අත්‍යාවශ්‍ය නැහැ, නමුත් රූපයේ නියමිත ප්‍රමාණයට වඩා ප්‍රමාණාත්මක වෙනසක් වෙබ් පිටුව තුළ පෙන්විය යුතුනම් මෙලෙස    width ,height  වලට ලබා දෙන අගයන් මගින් එය සිදුකරගතහැකිය.  තේරුම් ගන්න පුළුවන්නේද?

යාළුවනේ.. ඔයාලගෙන් අදහසක් විමසන්න හිතුවා , යාළුවනේ මට මේ අඩවියයි මගේ අටුව අඩවියයි දෙකේ බ්ලොගර්වලින් එන එරස් නිසා මේ අඩවිය වර්ඩ්ප්‍රෙස් වලට අරන් යන්න හිතුවා..  එතකොට වෙනම වෙබ් අඩවි දෙකක් විදිහට එතනදි මේ දෙක ඉදරියට යාවි... වෙබ් ඩිසයින් ගැන කියාදෙන මේ අඩවිය ඒවෙනුවෙන්ම තවත් ගුණාත්මක විදිහට දියුණු කළයුතුයි කියලා හිතුවා. ඉතින් යාළුවනේ ඒසදහා ඔයාලගේ උදව් ඕනි මට..  වැඩය මොකුත් නෙවේ.. ඔයාලගේ ලග ඇති හොද අදහස් මේ සම්බන්දව, ඉතින් මට ඒවගේ හොද අදහස් ඕනි ඔයාලගෙන් මේ අඩවිය නව විදිහකට සාර්ථක වගේම බොහෝ අයට වැදගත්වන විදිහට කරගෙන යන්න... ඒහෙනම් ඔයාලාගේ ඒගැන අදහසුත් කියලාම යන්න... හැමෝටම සුභ දවසක්...

No comments:

Post a Comment