Sunday, November 20, 2011

Attributes හෙවත් ගුණාංග


වෙබ් සයිට් එකක් හදන කොට ටැග්ස් භාවිතා කරනවා කියලා අපි කථා කරානේ.. ඉතින් මේ ටැග්ස් සමග බොහෝවෙලාවට තව දෙයක් අපි භාවිතා කරනවා..  ඒවාට අපි කියනවා Attributes කියලා  මේ වචනේ තේරුමතමයි “ගුණාංග“ කියන එක. අපි අද කථා කරමු මේ Attributes හෙවත් ගුණාංග ගැන සහ විවිධ Attributes කොහොමද අපේ වෙබ් පිටුවලට එකතු කරගන්නේ කියලා.


වෙබ් පිටුවක් නිර්මාණය කිරීමේදී අපිට ගුණාංග අවශ්‍යෙ වෙන්නෙ කොහොමද කියලා සමහර අයට ප්‍රස්නයක් ඇතිවෙන්න ඇති.  මේක හරි සරල උදාහරණයකින් පැහැදිලි කරන්නම්කෝ..  මෙහෙමයි, අපි හිතමු අපිට ඩ්‍රිසිල් බෝඩ් එකක් දීලා කවුරු හරි කියනවා "මේකෙ මට දිග60cm හා පළල 100cm වන සෘජුකෝණාස්‍රයක් ඇදලා දෙන්න" කියලා.. අහ් එතකොට මේ සෘජුකෝණාස්‍රයේ ගුණාංග 2ක් මෙතන සදහන්වෙලා තියනවා නේද? මොනවාද ඒ? දිග සහ පළල කියන  ගුණාංග දෙක නේද?  හරි , අන්න ඔහොම තමයි, අපි කුමක්හෝ ටැග් එකක් භාවිතා කරනකොට ඒකට අදාලව විවිධ ගුණාංග අපිට එයට ලබා දෙන්න පුළුවන්. අපේ වෙබ් පිටු හැඩ වෙන්නේ අන්න ඒවිදිහට විවිධ ගුණාංග (color, width, height වගේ) එකතු කරගත්තහම තමයි.

ඒ අනූව .
# html Tags සදහා  Attributes තිබිය හැක.
# Attributes මගින් විවිධ eliment වලට ගුණාංග එකතු කිරීම සිදුකළ හැකිය.
# Attributes Tag එකක Open Tag තුළට එකතු කරයි.
# Attributes එකක් ඇතුළත් කිරීමේදී name="value" යන ආකාරයට එකතු කරයි. - Attribute  එකක් භාවිතා කරන විට Attribute එකෙහි නමත්,ඉදිරියෙන්  එහි අගයත් ලෙස භාවිතා කරයි.

EX :  title="this is title

මෙහි, title යනු Attribute එකෙහි නමයි, this is title යනු Attribute එකට අදාල අගයයි.

Attributes භාවිතා කරන ආකාරය අධ්‍යනයට පහත උදාහරණය සලකන්න.


<p color="red"> text here </p>

 මෙන්න මේවිදිහට තමයි Attribute  එකක් අපි අපේ ටැග් වලට එකතු කරගන්නේ.. හරි සරල වැඩක් නේද? ඔයාලා ඩ්‍රීම් වීවර් වගේ මෘදුකාංගයක් භාවිතා කරනවානම් ඔයාලට මේ Attributes  මතක තියාගැනීමකින් තොරව භාවිතා කරන්න පුළුවන්. ඒත් මතක තියාගන්න එක ගොඩක් වැදගත් නිසා එහෙම අමතක කරගන්න එපා. මොකද අපි Attributes එකක් භාවිතා කරද්දී ඒක භාවිතා කරන්නේ මොකටද කියලා දන්නේ නැත්තන් භාවිතා කරන්නේ කොහොමද? :D .

3 comments:

  1. එල මචං. nice work. keep it up. php වලින් මොකක් හරි උදව්වක් ඕන නම් කියපන්. මේ තව දෙයක්. උඹගේ බ්ලොග් එක කියවන කොට කරදරකාර ඇඩ් එකක් ඇවිත් වෙන පේජ් එකකට රී ඩිරෙක්ට් වෙනව. පුල්වන් නම් ඒක අයින් කරපන්.

    ReplyDelete
  2. බොහෝම ස්තූතියි මචං, php වලින් හෙල්ප් එකක් ඔනි උනොත් අනිවා ඉල්ලන්නම්.. පුළුවන්නම් eatuwa@gmail.com එකට මේල් එකක් තියන්න. එතකොට ඔයාව සම්බන්ද කරගන්න අපිට පහසු වේවි. කොහොමත් මෙතන මගේ දැනුම විතරක් ලබාදෙන්න අදහසක් නැහැ. අනිත් කාට හරි පුළුවන්නම් මේකට ලියන්න. ඒක ගොඩක් වැදගත් වේවි හැමොටම. අහ් ඒ ඇඩ් එකනම් දැම්මේ මම ම තමා මේච්චර කාලයක් කවුරුත් ඒගැන කියවුවේ නැතිනිසා මම වැඩිය හිතුවේ නැහැ. කවුරු හරි කිව්වා කියන්නේ ඒගැන එයින් බලපෑමක් තියනවා කියන එකනේ.. එනිසා මම ඒක අයින් කරන්නම්.. බොහෝම ස්තූතිය් ඒගැන කිව්වාට.

    ReplyDelete