Monday, November 14, 2011

Web Page එකේ Comment කරමු.


මේක කලින් කියලා දෙන්න හිටපු දෙයක්, ඒත් එක මගහැරුණා. ඒ ගැන සමාව අයදින ගමන් අපි අද මේ ගැනත් චුට්ටිත්තක් කථා කරමු. මම හිතන්නේ මේක තමා මේ බ්ලොග් එකේ දාන පුංචිම පොස්ට් එක.

අපි මේ විදිහට වෙබ් එකක් නිර්මාණය කරගද්දී අපිට පොඩි පොඩ් අවශ්‍යතා ඇති වෙනවා. මොනවාද?
අපි මෙහෙම හිතමු. අපි දැන් වෙබ් එකේ යම් කිසි කන්ටෙන්ට් එකක් නිර්මාණය කරනවා. ඒත් අපිට ඒක සම්පූර්ණ කරන්න ඒමොහොතේ බැරි වෙනවා. ඒවගේ වෙලාවට පාඨයන්ට නොපෙනෙන විදිහට දෙයක් ලියලා තියන්න ඕනි උනොත්???? නැත්නම් අපිට අපේ ටැග්ස් වල අවශ්‍යතාවය ගැන ඒ ලගින් පුංචි සටහනක් දාලා තියන්න වූනොත්???  අන්න ඒ වගේ වෙලාවල් වලට කරන දේ තමා කියන්න ඔනි. එන්න ඒ වෙලාවට අපිට පුළුවන් කමන්ට් (Comment) කරන්න. මේ Comment කිරිල්ල අපි බ්ලොග් එකේ Comment කරනවා වගේ නෙවේ හරිද?.  මෙදේ කරන්නේ ඒ Tags අතරේම තමා.  වෙබ් අඩවි නිර්මාණයේදී මේ Comment කිරිලි කිහිපයක් තියනවා. අපි ඒවා ඒ ඒ වෙලාවට සාකච්චා කරමු. දැන් බලමු HTML සමග කොහොමද Comment  කරන්නේ කියලා.

දැක්කා නේද මෙන්න මේ විදිහට තමා Comment කරන්නේ.
පහල රූපය මත ක්ලික් කරලා බලන්න. කොළ පාටට පේන කොටස් (ඔයාලා ඒවාට කොළ පාට දෙන්න ඔනි නැහැ. :D ). ඒ තියෙන්නේ කමන්ට් කරපුවා.


(මම මේ විදිහට එක එක දෙවල් කියලා දෙනකොට ඔයත් පුංචි වැඩක් කරන්න ඔනි. ඒතමා ඔයා වෙබ් අඩවි වලට ගියහාම ඒ වෙබ් අඩවි වල Source code පරික්ෂා කරලා බලන්න මම මේ කියන දේවල් ඒවිදිහට තියනවාද කියලා.  ඒවාගේම බලන්න ඒවා යොදලා තියන තැන්දිහාත්.  එක පාරට හැම දෙයක්ම පැහැදිලි නැති වෙයි. ඒත් හිමින් හිමිනි ඉගනගනිද්දි මේ දේවල් පැහැදිලි වේවි. එතකන් මේ කියලා දෙන දේවල් ඒ විදිහට තියනවාද කියලා බලන්නකෝ.ඒ විතරක් මදි මේවා ඔයාම කරලා බලන්නත් ඕනි.)
හිතුවට වඩා පෝස්ට් එක දිග වුනාද මන්දා?

No comments:

Post a Comment